සමෘද්ධියෙන් සුව බෝජුන් හල් දිවයින පුරා ඉදිකරයි
දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබේ.
අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ඉදිකළ මෙම පළමු සුව බොජුන්හල ගාල්ල, බද්දේගම සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති පරිශ්‍රයේ දී හෙට (8) උදෑසන 10.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
සමෘද්ධිලාභී කාන්තාවන් සවිබලගැන්වීම උදෙසා මෙය ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන්නකි.
සුව බොජුන්හල් තුළ වෂවිස නොමැති කාබනික පොහොර යොදා ගනිමින් නිෂ්පාදිත නැවුම් නිමි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් සමෘද්ධිලාභී කාන්තාවන් පුහුණුවකින් සවිබල ගන්වා ඇත.
මෙවැනි සුවබොජුන්හල් ඉදිරි දින කිහිපයේදි අම්පාර, පුත්තලම, පොළොන්නරුව හා මාතලේ දිස්ත්රික්කයන්හිදී ද ඉදි කිරීමට යෝජිතව ඇත.
මෙම සුව බොජුන්හල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 ඉක්මවයි.
කෂිනි හපුආරච්චි

popular news
-
anura Thursday, 07 March 2019 07:57 PM
බැංකු කඩන්නේ නැතිව ඔබ තුමා මේ කරන වැඩ අගය කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

