2020 සැප්තැම්බර් 25 දින සිට ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමාජික මන්ත්‍රීවරයන් පත් කරන තෙක් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 50 (2) සහ 111 අත්හිටුවීමට සභාවේ එකඟතව අනුව අද (24) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධ්න විසින් අදාළ යෝජනාව සභාවට දැනුම් දෙනු ලැබූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර දිසානායක මේ සම්බන්ධව විරෝධයක් ප්‍රකාශ කර සිටි අතර කාරක සභා අත්හිටුවීම වළක්වන්නැයි ඉල්ලා සිටියේ ය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, මේ සම්බන්ධව කරුණු අධ්‍යයනය කිරීමට මන්ත්‍රී මයන්ත දිසානායකට භාර දී තිබෙන බවත් මේ පිළිබඳව සභාව විසින් තීරණයක් ගත යුතු බව සඳහන් කළේ ය.
ඒ අනුව සභාව එකඟතාවය පළ කළ අතර, ආංශික අධීක්ෂණ කාරක සභාවලට සාමජිකයන් පත් කරන තෙක් අත් හිටුවීම සම්මත විය
