සේනා මර්දනයට ගන්නා රයායනික ද්‍රව්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි - හැරිසන්
දැනට විවිධ ප්‍රදේශවලින් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකොට ඉන් ගොවීන්ට අසාත්මිකතා ඇතිවේද, මේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව නෙලා ගන්නා ලද භෝග පරිභෝජනය කරන ජනතාවට ඉන් සෞඛ්‍ය ගැටලු මතුවේද යන්න සොයා බැලිය යුතු බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනකදීය.
වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,
දැනට ඇතැම් දිස්ත්‍රික්කයන්හි රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇතත්, ඒවා භාවිතයෙන් ජනතාවට සෞඛ්‍ය ගැටලුවලට මුහුණපෑමට ඉඩ ඇති බවත්, භාවිතයට නුසුදුසු විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිත නොකොට දේශීයව කොහොඹ වැනි ශාක අමුද්‍රව්‍ය කොටස් භාවිත කොට දළඹුවා පලවා හැරීමේ ක්‍රමවේද සකස් කරන මෙන් අමාත්‍යවරයා ගොවීන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.
දළඹු ව්‍යවසනයෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවත්, ගොවි රක්ෂණ මණ්ඩලය හරහා රක්ෂණ වන්දි ලබා දීමටත් තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පැවසීය.

popular news
-
Rocky Tuesday, 22 January 2019 07:39 AM
සේනා දළඹුවන්ගෙන් කිසියම් ප්‍රයෝජනයක් ගත හැකිදැයි පළමුවෙන් සොයා බලමු. කොරියන් ජාතිකයන් සර්පයින්වත්, චීන ජාතිකයන් බලු මසුත් කනවා වගේ, මේ දළඹුවන් වත් ආහාරයට ගන්න මිනිස්සු ඇති. එහෙම වුනොත් අපට මොවුන් බෝ කරලා ටින් වල අහුරලා අපනයනය කිරීමෙන් විදේශ විනිමය කන්දරාවක් උපයන්න පුළුවනි. කලබල නොවී ඒ ගැන සොයා බලන්න!
Reply : 5 0
Maxx Wednesday, 23 January 2019 08:40 PM
කවුරුවත් කලබල වෙන්න අවක්ෂය නැහැ.අමාත්‍යංශ මට්ටමින් එහා ගිය ජාතික මට්ටමේ සොයා බැලීමක් අවක්ෂය වෙනවා.රටට ආගන්තුක බැවින් සේනාගේ ප්‍රයෝජන මෙන්ම තවත් හානි ද තිබිය හැකිය.පලමුව වැරදි ප්‍රචාර වැලැක්විය යුතුය.එය සේනාට වඩා හානිකරය.කෙසේනමුත් මිනිසාගේ පරම මිතුරා සුනඛයා ආහාරයට ගන්නා නොමිනිස් චීන ගෝත්‍රිකයන් ද ලොව කොතෙකුත් මිනිසුන් වන්දනාමාන කරන රජරට වාරි සංස්කෘතියේද ඇතුලත් සර්පයින් කෑමට ගන්නා නොමිනිස් කොරියන් ගෝත්‍රිකයන් ද මෙම දලබුවන් පැනලා මිලදීගනීවි.ඔවුන්ට මේ දිනවල සල්ලී වැඩි වෙලානේ තියෙන්නේ.වෛද්‍ය විද්‍යාවේ දී වත් සමහර ඖෂධ නිපදවීමට සර්පයා මරා නොදමයි.විෂ පමනක් ගනියි.ජෛව විවිධත්වය රැකගනී.චීන කොරියන් මුදල් ඒකකයන් රුපියලට සාපේක්ෂව වෙනස් වී නැති තරම්ය.සමහර අවස්ථාවල රුපියල ඉහලින් සිටී.ඩොලරය,යුරො,රියල් සියල්ලට ඉහලය.චීනය,සවුත්තු කොරියාව තවමත් තවමත් දියුනු වෙමින් පවතින රටවල් බැවින් "විදේශ විනිමය" බොලද තර්ක වේ..!!!මූලාශ IMF,google,ADB
Reply : 0 2
rohitha Thursday, 24 January 2019 01:25 PM
IMF එකෙන් ආණ්ඩුව ණය ඉල්ලන කොට තලගොයා, IMF එක ඇවිත් වාරික ඉල්ලනකොට කබරගොයා..!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

