සන්ධාන මන්ත්‍රීවරු හා ජනපති අතර සාකච්ඡාවේ තීන්දු මෙන්න
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට මෙන්ම පක්ෂ නායක රැස්වීමට එක්නොවීමට තිරණය කළ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පැවැසුවේ මෙහිදී බැඳුම්කර සිදුවීම පිළිබඳවත් සාකච්ඡ කළ බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව විමර්ශන කළ නිලධාරීන්ට බලපෑම් කළ ආකාරය ජනපති විසින් පැහැදිලි කළ බවත් සදහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මැතිවරණයට ඉදරිපත් වන ආකාරය පිළිබඳව සාකච්ඡාවක් නොකළ බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සාකච්ඡා කර පුළුල් සංවිධානයක් ගොඩ නගමින් සිටින බවයි.

popular news
-
Don Wednesday, 12 December 2018 07:27 AM
SLFP එක දැන් දුවිලි බවට පත්වෙලා
Reply : 0 7
Champa Wednesday, 12 December 2018 10:40 AM
පහුගිය කාලේ මිනිස්සුන්ට විචිකිච්ච්චාවක් තිබ්බනේ සන්ධානේ පාර්ලිමේන්තු යන්නේ නැත්තේ ඇයි කියල. දැන් ජනාධිපතිතුමාම පිලි අරන් තියෙනවනේ තමන්ට බහුතරය නැහැ කියලා. දැන් ඉතින් රටම දන්නවා නොයන්නේ මොකොද කියලා. කථානායකතුමාට බර පොත් වලින් ගැහැව්වේ, කුණු කූඩ වලින් ගැහැව්වේ, පුටු වලින් ගැහැව්වේ, පුටු කැඩුවේ, මයික් කැඩුවේ, මේසේ උඩ තිබ්බ බඩු වලට අලාභ හානි කලේ, මුළු රටම ලෝකය ඉදිරියේ අපකීර්තියට අවමානයට පත් කලේ බහුතරය පෙන්වන්න වෙන එක නවත්තන්න කියලා දැන් රටම දන්නවා. ලැජ්ජයි. පාර්ලිමේන්තුව හෑල්ලු කරලා රටේ නම කැත කරපු එක නම් මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන එකක් නැහැ. අන්තිමට දිනුවේ සිරිසේන ජනාධිපතිතුමා. මිනිස්සුට දැන් ඔප්පු කරල ඉවරයි ඉන්න ජනාධිපතිතුමාගෙයි හිටපු ජනාධිපතිතුමාගෙයි වෙනසක් නැහැ කියලා. ඇයි ඉතින් එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලොනේ. අනිත් එක මේ කලේ 2015 අගෝස්තු කරපු එකම වෙන විදිහකට. මෝඩ JO එක ඒ ගැටේට අහු වුනා. කවුද හිතුවේ මහින්දයි මෛත්‍රියි ආයේ එකට චන්ද වලට යයි කියලා. ලැජ්ජයි. අනික මේකෙන් පෙන්නේ මහින්ද JO ඉතා දුර්වල සහ ආත්ම ශක්තියක් නැති බව. ආණ්ඩු බලය නැතුව මැතිවරනෙකට යන්න විශ්වාසයක් නැති බව.
Reply : 0 134
Deepal Nirosh Thursday, 13 December 2018 09:58 PM
දැන් ඉතින් ආණ්ඩු පිහිටුවීම ගැන සාකච්ඡා කරල වැඩක් නැහැ. අධිකරණ තීන්දුවට හිස නැමිය යුතුයි. දැන්වත් එජනිස 95 දෙනා එක මතයක තබාගෙන ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න. නැතිනම් 19ටත් වඩා කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න වේවි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

