සුනාමි කලුවා හෙරොයින් සමග කුඩාඔදේ දී පොලිස් අත්අඩංගුවට
වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී සපත්තුවක් තුල සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් දදකයි මිලිග්රැම් අනූවක් සගවාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත
මෙම හෙරොයින් ප්‍රමානය වැල්වලවාය ප්‍රදේශයෙන් මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් ප්‍රමාණය බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකු වන අතර මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු ද යන්න සොයා විශෙෂ විමර්ශනයක් කුඩාඔය පොලිසිය විසින් ආරම්භ කර ඇත.
මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් සගවා සූක්ෂම ලෙස ප්‍රවාහනය කිරීම සදහා යොදාගත් සපත්තු දෙකක්,එලෙස හෙරොයින් සගවාගෙන යෑමට කල ඔරදලෝසුවක් සහ ජංගම දුරකථන කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ . අත්අඩංගුවට ගත් සැකකරු තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක් වන ලක්ෂමන් දුෂිත් කුමාර නොහොත් සුනාමි කලුවා යන පුද්ගලයා බව කුඩාඔය පොලිසිය පැවසීය.
සැකකරු අද (වැල්වලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌව කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

