සාධාරණ මාධ්‍යක් ඉල්ලා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා
සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10දා) මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
දිදුලන හදවත, අලුත් පියාපත් ඇතුලු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් කලාකරුවන්,මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔවුහු මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් නිහඬ විරෝධතාවක නිරතවන අතර පසුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් පාලනාධිකාරියට බාරදීමට කටයුතු කරයි.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු









popular news
-
රංග Thursday, 10 January 2019 03:41 PM
'අද' පත්තරේ තමයි විජය ආයතනයේ සිංහල පුවත්පත් අතරින් සමබරව ප්රවෘත්ති වල කරන එකම පුවත්පත. ඒ වගේම මේකේ ලංකාදීප පත්තරේ වගේ බොරු මිත්‍යා මත උනත් යන්නේ නැහැ. දැන් බලන්නකෝ ඉරිදා ලංකාදීප පත්තරේ, මොන තරම් අසත්‍ය,මිත්‍යා මතද තියෙන්නේ. අයෙ ඒකෙ තියෙන්නේ එක එක දේශපාලනික නායකයන්ගේ පිට කසන මාධ්‍යකරුවන් දෙතුන්දෙනාගේ නිවුස් තමයි. තරිඳු, බිගුන් මේනක වගේ තරුණ මාධ්‍යවේදීන් කීප දෙනෙක් ඇරෙන්න අනික් අය නම් වැඩක්ම නැහැ දැන්. හැබැයි 'අද' පත්තරේ එහෙම නැහැ, ඉතාම හොදයි. විද්‍යාත්මක දේවල් ගැන උනත් පුවත් පලවෙනවා.
Reply : 1 0
සජිත් Thursday, 10 January 2019 05:24 PM
මේ අයගේ නම්වලින්ම පෙනෙන පරිදි එන් ජී ඕ කල්ලියක් විය යුතුයි
Reply : 1 1
රසික Thursday, 10 January 2019 07:58 PM
මාධ්‍ය හැසිරුණ/හැසිරෙන නින්දිත ආකාරය අපිට පේනවා. පුරවැසියන් ලෙස අපිට අයිතියක් තියෙනවා මේ ගැන ප්‍රශ්න කරන්න. මොකද රේඩියෝ/ටෙලිවිෂන් නාලිකා විකාශය කරන සංක්යාත රජයේ බුදලයක් නෙමේ. ඒකෙ රටේ ජනතාවගේ. එව්වා භාවිතා කරලා අසත්‍ය ප්‍රකාශ කරනවා නම් ඒ ගැන විමසීමට අයිතියන් ජනතාවට තියෙනවා. පුවත්පත් උනත් එහෙම තමයි. රට්ටු නොමග යවන ප්රවෘත්ති පළවෙද්දී ඒවා ගැන නිහඩව නොසිද, ප්‍රශ්න කිරීම ඉතාම හොද දෙයක්. මිනිස්සු හරි නැගිටලා, තමන්ගේ අයිතිවාසිකම් ප්‍රශ්න කරන එක හොදයි. මාධ්‍ය ආයතන වල සේවය කරනා සේවක මහත්වරුන්ට වෙලා තියෙන්නේ ඒවායේ අයිතිකරුවන්ට ඕනා හැටියට නිවුස් ගහන්න. මේ තත්වය වෙනස් විය යුතුය. මාධ්‍ය ආයතන වල සේවකයන් මේ සටනට එක්විය යුතුයි.
Reply : 0 2
rocky Thursday, 10 January 2019 08:23 PM
මාධ්‍ය සාධාරණ විය යුතු බව කවුරුත් පාහේ පිළිගන්න කරුණක්. එත් මේ නරි රැල කවුරු වෙනුවෙන්ද කහින්නෙ ? මුන් මොක්කුද? පඩංගු ටෙලි නාඩගන් කාරියෝ සහ බඩගෝස්තර වාදී එන්.ජී.ඔ. සිපයියෝ රලක්නේ! මුන්ට එලව එලව ගහන්නයි වටින්නේ! මහා ලොකු කළා කාරයොලු!
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

