සංක්‍රමණික ධීවරයන් නවතා දෙන ලෙස ඉල්ලා ධීවරයින් ධිවර ඇමති හමුවෙයි
කිලිනොච්චිය පුනරීන් මුහුදු කලාපයට ඇතුල් වන අනවසර සංක්‍රමණික ධීවරයින්ගේ පැමිණීම් නවතා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශයේ ධීවර සිමිති නායකයින් පිරිසක් විසින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ (27) දින හමු විය.
පුනරීන් ඇතුලු ප්‍රදේශ කිහිපයක දෛනික ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ධීවර අමාත්‍යංශයේදි හමු වි ඇත.
එහිදි ධීවර සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට පවසා ඇත්තේ පුනරීන් ඇතුලු මුහුදු කලාපයට දෛනිකව පැමිණෙන අනවසර සංක්‍රමණික ධීවරයින් විසින් ප්‍රදේශයේ ධීවරයින්ට නොයෙකුත් බාධාවන් සිදු කරන අතරම ධීවරයින්ගේ දැල් ආම්පන්න වෙතටද හානි කොට මත්ස්‍ය සම්පත රැගෙන යාමෙන් ප්‍රදේශයේ ධීවරයින්ට මසුන් ඇල්ලීමට නොහැකි විමෙන් දැඩි ආර්ථික ගැටලුවකට එම ධීවරයින් මුහුණ පා සිටින බැවින් වහාම අදාළ සංක්‍රමණික ධීවරයින්ගේ පැමිණීම නවතා දෙන ලෙසටය.
එහිදි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් තමන් අදාළ ප්‍රදේශයටම පැමිණ නිරීක්ෂණය කොට අදාළ බලධාරීන් සමග සාකච්ඡා කොට කඩිනම් විසඳුමක් ලබා දෙන බවට ධීවර සංගම් නියෝජිතයින්ට පොරොන්දු විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

