ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති ඉල්ලීමක් කරයි
පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර අතර අද පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේය.
හෙට පෙරවරුවේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කරනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එළැඹෙන 14දාට පෙර ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 11 December 2018 07:31 AM
ඒ පාර හදිස්සි වෙලා. රට වෙනුවෙන්ද? තමන් වෙනුවෙන්ද? දැන් බලා ඉන්නේ ඊලඟ ගැටේ ගහන්න.
Reply : 0 2
Champa Tuesday, 11 December 2018 07:55 AM
ජනාධිපතිට මොලේ අමරුවක්ද කියලා හොයන්න අන්න නඩුවකුත් දාල. මෙහෙම නඩුවක් දාපු ලෝකේ එකම රට ලංකාව වෙන්න ඕනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇරුනහම වෙන කාටවත් මෙහෙම වෙලා නැහැ. දැන් උසාවිය psychiatrists කීප දෙනෙක් නම් කරයිද දන්නේ නැහැ පිස්සුද කියලා හොයල බලන්න. හිනත් යනවා. මේකේ වියදම දරන්නේ කවුද? නඩු දාපු මිනිස්සු වෙන්න ඇති නේද? නැත්නම් ඉතින් ජනාධිපතිට පිස්සුද කියල හොයන්න ජනතා මුදල් වියදම් කරන්න කියන්න උසාවියටත් පිස්සු වෙන්න එපැය
Reply : 0 20
Lion Tuesday, 11 December 2018 10:46 AM
අර්බුදයක් හදලා උසාවියෙන් ඉක්මන් විසඳුම් ඉල්ලනවා . මෙයාට මෙරට ගරු අධිකරණයෙන්ම දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕන.
Reply : 25 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

