ශ්රී ලංකා ඉතිහාසයේ විශාලතම මත්පෙත් තොගය කටුනායකින් අල්ලයි
රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු 10/28 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 46 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ඉංජිනේරුවරයෙකි.ඔහු සිය ගමන් මල්ල තුළ රුපියල් දහනව කෝටි අසූ ලක්ෂයක් වටිනා කිලෝ ග්රෑම් 13 ග්රෑම් 173 ක් බරැති එක්ස්ටැසී ( Ecstasy ) මත්පෙති 23,000 කට අධික ප්රමාණයක් සගවා ගෙන තිබුණි. මෙම මත්පෙති තොගය ශ්රී ලංකාව තුළ මෙතෙක් අත් අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බව රේගු මත්ද්රව්ය පාලන අංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීවරයෙකු පැවසීය.
එසේම ඊට අමතරව කොකේන් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 05 ග්රෑම් 121 ක ප්රමාණයක් ද එම ගමන් මල්ල තුළ සගවා ගෙන තිබූ අතර මෙම මත්ද්රව්ය තොගය , විශාල ප්රමාණයේ චොකලට් පැකැට් ලෙස පිටතට පෙනෙන සේ අසුරා සකස් කර ගෙන තිබුණි.
මෙම මත්ද්රව්ය තොගය රැගෙන ප්රංශයේ පැරිස් නුවරින් කටාර් රාජ්යයේ දෝහා වෙත පැමිණ , එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 10/28 දින රාත්රී 09.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්රව්ය තොගය සමග ඉන්දීය ජාතික ඉංජිනේරුවරයා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

