
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තවත් 55,000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.>>P2
මැදපෙරදිග හා ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීම නැවත වරක් දින නියමයකින් තොරව තාවකාලිකව නවතා දැමීමට තීරණයක් ගෙන තිබේ දැයි අද කළ විමසිමකදී කොළඹගේ මහතා ප්‍රකාශ කළේ, එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ කටයුතු සිදුකර ගෙන පැමිණි ලෙසම ඉදිරියටත් සිදුකරන බවත්, නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ පහසුකම් පිළිබඳ අවධානය යොමු කරමින් එම කටයුතු සිදුකිරීම හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි නමුත්, ශ්‍රමිකයන් ගෙන්වීම කිසිදු ලෙසකින් නවතා දමා නොමැති බවත් කොළඹගේ මහතා පවසා සිටියේය.
මේ වනවිට මෙරටට පැමිණීම සඳහා ඉල්ලුම් කළ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුල් කණ්ඩායමේ 40,000ක පමණ පිරිසෙන් 26,000ක් මෙරටට ගෙන්වා අවසන් බවත්, මෙරටට පැමිණීමට දිනපතා ශ්‍රමිකයන් අලුතින් ලියාපදිංචි වන බවත් කොළඹගේ මහතා ප්‍රකාශ කළේය.