ශ්‍රීමතී දිසානායක සමුගනියි
කෘතහස්ත දේශපාලඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වජිරා ශ්‍රීමති දිසානායක මහත්මිය කොළඹ ලංකා හොස්පිටල්ස්හි ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29දා) අභාවප්‍රාප්ත වූවාය.
ඇය වත්මන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මෙන්ම වරුණි තාරකා මහත්මියගේ ආදරණීය මව වන්නීය.
මිය යන විට ඇය 77 වැනි පසුවූවාය. 1994 වසරේ පැවැති ජනපතිවරණයට ඇය ඒක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත්වුවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හමුවේ පරාජයට පත්වූවාය.

-
Champa Friday, 29 March 2019 08:52 PM
Oh, my deepest condolences to her children for their irreparable loss!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
