වෙලේ සුදා, පොට්ට නවුෆර් හා කංජිපානි බූස්සට
වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.
මෙයට අමතරව ඉකුත් දා සිරදඬුවම් නියම වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත එවා තිබේ.
මොවුන් තිදෙනා පොලිසියේ සහ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධනාගාරයට මාරුකර එවීමෙන් පසුව ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති බව බූස්ස බන්ධනාගාරයේ නිළධාරියෙකු සඳහන් කළේය.
ජිනේෂ් නානායක්කාර

popular news
-
Champa Tuesday, 27 August 2019 04:40 AM
මෙතන නම් වෙන මොකක් හරි හේතුවක් තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම පිටිපැස්සේ ඉන්න දේශපාලකයෝ අළු ගසල නැගිටලා වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

