වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. මරදාන පොලිස් වසමේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැටලීමක් සිදුකර මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍ර දේශයේ ගොඩනැගිල්ලක් තුළ වීසා නොමැතිව රැදී සිටි විදෙස් ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් චීන, බංග්ලාදේශ හා ඉන්දියානු ජාතිකයන් වෙයි. සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ඇතුළුව
චින ජාතිකයන් 12 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයන් 6ක් ඉන්දියානු ජාතිකයන් 03ක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.