විශේෂ ඩෙංගු මර්දන සතියක්
පසුගිය ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ ඩෙංගු රෝගීන් වාර්තා වූ ප්‍රවණතාව ඩෙංගු කීට විද්‍යා දර්ශක, කාලගුණික වෙනස්වීම් මත ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන එම අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 74ක් ආවරණය වන පරිදි විශේෂ ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය, අනෙකුත් පාර්ශ්වකරුවන් වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සමඟ නොවැම්බර් 09 සිට 14 දක්වා ඩෙංගු මර්දන වැඩසටහන් මේ යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවෙකු නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පවිත්‍ර කිරීම, පාසැල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධාන කිරීම, මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය ඇතුළු කාර්යයන් රැසක් මේ සතියේ දී ඉටු කිරීමට බලාපොරොත්තු වේ.
මේ අතර ඩෙංගු වසංගත තත්ත්වයක් පාලනය කිරීමේ අරමුණින් ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් කීට විද්‍යා දර්ශක සහ රෝගීන් වාර්තා වීම නිරීක්ෂණය කිරීම නිරන්තරයෙන් සිදු කරමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.
මෙම විශේෂ සතිය ඩෙංගු මර්දන සතිය නොවැම්බර් 02 සිට 07 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් එය නොවැම්බර් 09 සිට 14 දක්වා පැවැත්වීමට පසුව තීරණය විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

