නීතීක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වාදෙති
කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම අවසන්වන බව නීතී ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වාදෙති.
පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව අගමැතිවරයා ඉවත්වනවා යනු අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයම ඉවත්වීම බවද ඔවුහු පෙන්වාදෙති.
එසේම අග්‍රාමාත්‍යවරයා ඉවත්ව නව අග්‍රමාත්‍යවරයෙකු පත්වීමේදී නව අග්‍රමාත්‍යවරයාට සුදුසු අමාත්‍යමණ්ඩලයක් පත්කරගැනීමේ අවශ්‍යතාව මතුවන බැවින් එවිට පවතින ආණ්ඩුව වෙනස්වන බවද නිතී විශාරදයෝ පවසති.
මේ සම්බන්ධයෙන් 'අද' කළ විමසීමේදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා,
“අගමැතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් පැරදුණොත් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව එතුමා ඉවත්ව යා යුතුයි. ඒ කියන්නේ ඇත්තෙන්ම ඉවත්වෙන්නේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව අගමැතිගියොත් මුළු ආණ්ඩුවම එතැනින් විසිරිලා යනවා. එය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සිදුකරන කටයුත්තක්. මේ කාරණය 19 වැනි සංශෝධනයෙන් සීමාකරලා නැහැ කියන කාරණය තමයි මගේ අදහස.
ව්‍යවස්ථාවේ මූලික සංකල්පය තමයි කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට වගකියනවා කියන කාරණය. කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධානියා අගමැති. අගමැති ඉවත් වුණොත් මුළු කැබිනට් මණ්ඩලයම විසිරයායුතුයි. බ්‍රිතාන්‍ය සම්ප්රදාය එයයි. ඒ අනුව තමයි අපේ පාර්ලිමේන්තුව සංවිධානය වී තිබෙන්නේ. මේ සම්ප්රදායේ වෙනසක් වෙලා නැහැ. කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු ප්‍රධානියාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත වුණොත් එතැනින් ආණ්ඩු අවසන්වෙනවා.
2015 ජනවාරි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව මහින්ද රාජපක්ෂ මහත්මා ඉවත්වී යාමත් සමගම ඒ ආණ්ඩුව අවසන්වුණේ මේ සම්ප්රදාය අනුවයි. එය සම්ප්රදායේ උච්චතම අවස්ථාවක්. මෙය ඇමෙරිකාවෙත්එංගලන්තයෙත් දකින්නට තිබෙනවා* යනුවෙන් කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහතා මේසම්බන්ධයෙන් අදහස් දක්වමින්,
“අගමැතිවරයා ඉවත්වන ආකාරය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිවම සඳහන්ව තිබෙනවා. අපි දැන් භාවිතකරන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය වන්නේ අගමැති නොවෙයි ජනාධිපතිවරයායි. අගමැතිවරයා පත්කරන්නෙත් ජනාධිපතිවරයායි. නමුත් විශ්වාසභංගයක් පරාජය වීම තුළ අග්‍රාමාත්‍යවරයාට ඉවත්වන්නට සිදුවෙනවා.
ඒ අනුව හිස්වන අග්‍රාමාත්‍යධුරයට පාර්ලිමේන්තුව විමසා වෙනත් අග්‍රාමාත්‍යවරයෙක් පත්කරන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ අනුව මතුවන ඊළඟ තර්කය තමයි නව අගමැතිවරයා නොවිම සාජනාධිපතිවරයාට නව කැබිනට් මණ්ඩලයට පත්කරන්නට හැකියාවක් නැහැ. ඒනිසා අගමැතිතුමා යම් විදිහකට පරාජයට පත් වුණොත් ඊළඟට වෙනදේ තමයි පවතින කැබිනට් මණ්ඩලය ඉබේම අක්‍රිය වෙනවා කියන කාරණය. ඊළඟට පත්වෙන අගමැති, ජනාධිපති සමග එකතුවෙලා තමයි කැබිනට් මණ්ඩලය පත්කරන්නේ" යැයි පැවසීය.