වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් භාරයේ සිටි සැකකාරියක් මිය යාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දිමට අදාලව පොලිස් මුලස්ථානය විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට නිර්දෙශයක් ලබා දි තිබේ
පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකාරියක් රෝගිවිම නිසා රෝහල් ගතකල බවත් එහිදි අදාල කාන්තාව මිය ගොස් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහල් තල්ද්රව මහතා සදහන් කලේය
මෙම සිද්ධියට අදාලව එම පොලිසියේ සේවයකල පොලිස් නිලධාරින් 04 ක් වැඩ තහනම් කර තිදෙනෙකුට ස්ථාන මාරුවිම ලබා දි තිබෙන බවත් මිට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනත් ස්ථානයකට මාරුකිරිමට අදාලව නිර්දේශ නිකුත් කර තිබෙන බවද පවසා සිටියේය
සැකකාරිය මිය යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව පරික්ෂණ පවත්වන බවත් අදාල පොලිස් නිලධාරින් වැඩ තහනම් කිරිමට හා ස්ථාන මරු ලබා දිමට කටයුතු කර තිබෙන්නේ මෙම පිරිස් අදාල ස්ථානයේ තබාගෙන පරික්ෂණ කටයුතු සිදුකිරිමෙදි පරික්ෂණ කටයුතු නිසි ලෙස සිදුනෙවන බවට විවිධ පිරිස්වලින් චොදනා එල්ල විය හැකි නිසා බවද සදහන් කලේය
අදාල සැකකාරිය මිය යාමට හේතුව අනාවර්ණය කර ගැනිමට හැකිවන්නේ වෛද්‍ය වාර්තා ලැබිමෙන් පසුව බවත් මෙම සිද්ධීය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදුවන බවද පවසා සිටියේය
නිවසක රන්භාණ්ඩ අස්ථාන ගත විමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක මත අදාල සැකකාරිය අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබුණි