වාහන අංගණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොකේන් බීලා - රන්ජන්
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
එම මන්ත්‍රීවරයා දිවා ආහාරයේදී මෙසේ සිය වාහනයට පැමිණ කොකේන් භාවිත කර ඇති බවට තොරතුරු ඇතැයි ඔහු සඳහන් කළේය.
අද (18දා) මාදිවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්, හිටපු අමාත්‍යවරුන් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම වතුකම්කරුවන්ගේ වැටුප ගැන කථා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොකේන් භාවිත කරන බවට චෝදනාවක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
" මම බොරු කියලා දැනටනම් නන්නත්තාර වෙලා නෑ. කිසිදෙයක් ඉල්ලා අස්කර ගන්නේ නෑ. හෙළිදරව් කරන ඒවා කවදාහරි ඔප්පුවෙලා තිබෙනවා"

popular news
-
Champa Tuesday, 19 February 2019 01:36 PM
මේවාට අහු වෙන්න එපා. රනිල් රිලවා නටවන්නේ රටට අහිතකර වෙන මොකක් හරි බරපතල වැඩකට මිනිස්සුන්ගේ අවධානය යන එක වලක්වන්න. යූඑන්පී එක සහ රනිල් මේ වගේ අහක යන දේවල් ඇදල අරන් ජන මනස වෙන පැත්තකට හරවන්නේ වෙන මොකක් හරි රට පාවා දීමක් හෝ රටේ සම්පතක් විකුණන කොට ඒක වහ ගන්න. මේ දවස් වල රනිල් මහා වංශයේ කියලා තියෙන ජම්බුකොළ පටුන හෙවත් දඹකොළ පටුන, ඒ කියන්නේ වර්තමාන KKS වරාය ඉන්දියාවට විකුනන්න හදනව. තව වෙන මොනව කරනවද කියලා මිනිස්සු ඇහැ ගහගෙන ඉන්න ඕනේ.
Reply : 0 0
Kumar Wednesday, 20 February 2019 10:45 PM
කුඩු ගන්න අයගේ නම් ප්‍රකාශ කන්න බැරි මොකද? කුඩු ගන්න ඕනෑම කෙනෙක් කාමරයක පැය 24ක් හිර කර තැබුවොත් කුඩු නැතිව, ඒ කෙනා දරුණු වේදනාවකින් පෙලන්න පටන් ගන්නවා. මේ රටේ සෑම ආයතනයක මත් ද්‍රව්‍ය බාවිතය තහනම් බව ලිකිතව එම ආයතනයේ සියලු දෙනාටම දැනුම් දෙනවා. ලංකාවේ කුඩු ගන්න එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිනම් පුදුමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

