මේ වසරේ පළමු මාස නවයක කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,607ක් වාර්තා වී ඇති අතර, එම ප්‍රමාණයෙන් රෝගීන් 10,625ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන රෝගීන් 10,625න් රෝගීන් 1,924ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ මහ නගර සභා බලසීමා තුළිනි.
සමස්ත කාලය තුළ ඩෙංගු රෝගීන් 70කට අධික පිරිසක් මියගොස් තිබෙන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී රෝගීන් 5,580ක්, පෙබරවාරි මාසයේදී රෝගීන් 3,736ක්, මාර්තු මාසයේදී රෝගීන් 3,832ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2,970ක්, මැයි මාසයේදී රෝගීන් 4,260ක්, ජුනි මාසයේදී රෝගීන් 5,996ක්, ජූලි මාසයේදී රෝගීන් 8,843ක්, අගෝස්තු මාසයේදී රෝගීන් 9,459ක්, සැප්තැම්බර් මාසයේදී රෝගීන් 5,931ක්, වාර්තා වී තිබේ.
