වැව් ප්‍රතිසංස්කරණය කරන්න සජිත්ගෙන් වැව් උදාව
තමන් ජනාධිපති වූ පසුව රටේ තිබෙන වැවි පද්ධතිය වසර දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ධුර අපේකෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස,ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
‘ වැව් උදාව ‘ නමින් ක්‍රියාත්මක එම වැඩ සටහන යටතේ ප්‍රයෝජනයට ගත හැකි එහෙත් අතහැර දමා ඇති වැවි ප්‍රතිසංස්කරණය සිදුකරන බව ද හෙතෙම කියා සිටියේය.
‘ එක්ව ඉදිරියට ‘ තේමාව යටතේ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසානයේ ජනතාව ඇමතීම සදහා පැවති ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේය.
“මොරගහකන්ද නිසා අවතැන් වුණ බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ගැටලු රැසක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ අතර අනු පවුල් ගැටලු වගේම ඉඩම් හා වන්දි ලබාදීමේ ගැටලු තවමත් තිබෙනවා.
ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හරහා මේ ගැටළු ඉතාමත් කඩිනමින් නිසි පරිදි විසදලා දෙනවා.
විදේශ සේවයේ නිරත අපේ රටේ කාන්තාවන්ට හිංසනයෙන් තොරව සේවයේ නිරතවෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා පමණක් නොව ඒ රටවල් සමග ගිවිසුම් ගත වෙලා මේ විදේශ විනිමය ගේන කාන්තා පරපුර රැක ගන්නට විශේෂිත වූ වැඩ සටහනක් දියත් කරනවා.”
ඉන්දික අරුණ කුමාර

popular news
-
Champa Sunday, 20 October 2019 07:02 PM
කාන්තාවන් වහල් සේවයේ යොදවන්න ලජ්ජා වෙන්න ඕනේ. දැන් අවුරුද කීයක ඉඳන් මේ වැඩේ වෙනවද? 1977 පටන්. දැන් අවුරුදු 42ක් තිස්සේ කාන්තාවෝ මැද පෙරදිග වහල් සේවයේ යොදවන පිරිමි දේශපාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

