වන්ද්‍යාකරණය ගැන හොයන්න අමාත්‍යාංශයෙන් සය පුද්ගල කමිටුවක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා කමිටු සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක මහතා සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යු.ඩී.පී රත්නසිරි මහතා ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ එල්.ඒ බස්නායක මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්.අයි ගුණවර්ධන මහතා, කමිටුවේ සාමාජිකයින් වෙයි.
මේ සම්බන්ධව මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂණ හා නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුලත ද, ලබාගත් ප්‍රකාශ හා ලිපිලේඛණ සමඟ සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුලත ද ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විමර්ශන කමිටුවට දැනුම් දී ඇත.
තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී තීබේ.
මෙම සිදු කෙරෙන විමර්ශන වල දී වෛද්‍යවරයා වැරදිකරුවෙකු වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි ආකාරයේ වැරදි සිදු කර විමර්ශන වලදී වැරදිකරුවෙකු ලෙස ඔප්පු වන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
මේ අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මගින් ළදරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇත.

popular news
-
Kumar Tuesday, 28 May 2019 11:02 PM
ස්ත්‍රීන් 50 දෙනෙකුට සැත්කම කරලා සිංහල ජනයා අඩුකරන්න හැකියාවක් නැත. දැනට ලංකාවේ සිංහල අය මිලියන 15ක් සිටින අතර මරක්කල අය සිටින්නේ මිලියන 1.8කි. මම මෙහි සඳහන් කරන්නේ 2011 සංගණනය ආශ්‍රිතවයි. එවැනි මාර්ගයකින් ජන අනුපාතය වෙනස් කරන්න අවශ්‍යනම් ස්ත්‍රීන් දසලක්ෂයට වැඩි ගණනකගේ මේ සැත්කම කරන්න ඕනෙ. එම අවස්ථාවේ සීසර් සැත්කම නොකලානම් ඒ අම්මලා සහ ළමයින් ජීවතුන් අතර නැති වෙන්න තිබුන වග කියන්න ඕනෙ. ජාතින් අතර ඒ වැනි වෙනසක් කරන්න ඕනෙ නම් පසුගිය ලෝක සංග්‍රාමයේ Hitlerගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

