වකුගඩු රෝගයට හා පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස ජලපිරිපහදු මධ්‍යස්ථාන 648ක්
දිවයින පුරා පවතින වකුගඩු රෝගය හා පානීය ජල ගැටලුවට විසඳුමක් වශයෙන් මේ වනවිට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ජලපිරිපහදු මධ්‍යස්ථාන 648ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදීමට කටයුතු කොට ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ වන්නි විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක චමින්ද වාසල මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (01) දින වවුනියාවේ දුෂ්කර ප්‍රදේශයක් වන මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකළ ජලපිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
උතුරු පළාතේ වකුගඩු රෝගය ශ්රීඝ්රයෙන් වැලඳුනු ගම්මාන වෙතට ජලපිරිපහදු මධ්‍යස්ථාන ලබාදීමත් සමගින් මේ වනවිට වකුගඩු රෝගය බොහෝ සෙයින් මැඩපවත්වා ඇති බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දිවයින පුරා නාවික හමුදාවේදී පූර්ණ සහාය ලබාගෙන මෙම පානීය ජල පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කොට ඇති බවටද ඒ මහතා කියා සිටියේය.
මහකච්චකොඩිය ප්‍රදේශයේ පාසල් ළමුන්ටද බලපෑ පානීය ජල ගැටලුවට මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජල ගැටලුවට විසඳුමක් වශයෙන්ද මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය ලබා දීම මගින් මහත් සේවයක් ලැබෙන බවට ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පැවසූහ.

popular news
-
Kumar Monday, 01 July 2019 08:54 PM
වතුර ගැන පමණක් සිතුවාට මදි. අධික රුධිර පීඩනය, දියවැඩියාව යන දේවල් වකුගඩු රෝගවලට බලපානවා. තමන් ආහාරයට ගන්න බෝගවල අඩංගු කෘමිනාශක බලපානවා. ලංකාවේ බලදාරින් පුරුදුවෙලා තිබෙන්නෙ එකගමනකට එකදෙයක් හිතන්න පමණයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

