ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ ඉදිරියට යනු ඇති බවත් කිසිම ආකාරයකින් වත්මන් රජය ඒ සඳහා බලපෑම් නොකරන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඩේලි මිරර් පුවත්පත හා වීඩියෝ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එම ඝාතන සම්බන්ධයෙන් 2014 රජයට ඉදිරිපත් වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පසුගිය ආණ්ඩුව බලයට පැමිණිමට මෙම ඝාතන පිළිබඳව පරීක්ෂා කිරීමට වසර පහක කාලයක් තිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
Q ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් ඝාතනය ගැන පරීක්ෂණ කරන බවට පසුගිය ආණ්ඩු කිව්වත් වත්මන් ආණ්ඩුවෙන් ඒ බව කියැවෙන්නේ නෑ.
ඔබ ඒ ගැන පසුගිය ආණ්ඩුවෙන් ඇසිය යුතුයි. ඒ ආණ්ඩුව තමයි ඒ ගැන වගකීම අපිට බාර කළේ. ඔවුන්ට ඒ ගැන පරීක්ෂණ කරන්න අවුරුදු 5ක් තිබුණා. අපි ඒවා (චෝදනා) ප්‍රතික්ෂේප කළා.
ඒ සිද්ධිය වුණා. අපි මේ සඳහා සම්බන්ධ නෑ. අපිට මේ ගැන පරීක්ෂණ කරන්න ඕන වුණා. ලෝකයේ ඇතැම් ඝාතන තිබෙනවා අවසන් තිරණයක් නැති. මේක ලංකාවට ගෙනත් මම සාධාරණීකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.
නමුත් මේ හේතු නිසා තමයි 2014 ආණ්ඩුව වෙනස් වුණේ. මේ ගැන පසුගිය යහපාලනය රජය බලට පත්වීමට ඒක හේතුවක් වුණා. හැම මැතිවරණයකදීම ඔවුන් තාජුඩීන් ඝතනය ගැන කියනවා.
එක් නීතියක් එක් රටක් යටතේ යුක්තිය ඉටුවේවි. යුක්තිය පසදලීමේ ආයතන යටතේ මේවා ඉදිරියට යයි. අපි කිසිම දේකට බලපෑම් කරන්නේ නෑ. අවසන් තීරණයක් ගැනීම ඒ ගැන පරීක්ෂණ කරන ආයතන සතු වගකීමක්.
අපිට මේක කරන්න එපා, අරක කරන්න එපා කියන්න බෑ. අපි එතකොට ඒකාධිපතියන් වෙනවා. ඒ ආයතනවලට අවස්ථාව දිය යුතුයි මෙය ඉදිරියට කරගෙන යන්න.
අවසන් කරන්න බැරිනම් ඒ ගැන හේතු ඔවුන් ඉදිරිපත් කළ යුතුයි. අපිට චෝදනා කළ අයට අවුරුදු පහක් තිබුණා මේ ගැන පරීක්ෂණ කරන්න.