ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමට පිලිපීනයෙන් විශේෂ කණ්ඩායමක්
ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වන අද (19දා) පෙරවරුවේ පිලීපීන පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර ඒහිදී මේ පිළිබඳව හෙළිවිය.
මෙහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ කි‍්‍රයාවට නංවා තිබෙන බවයි. භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද පැවසීය.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාර්තේ මහතා ගෙන යන ප්‍රබල සටන මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද ඔහුගේ සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේය.






popular news
-
Champa Saturday, 19 January 2019 09:57 PM
පිලිපීනෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ව රජයෙන් කෙලින්ම වෙඩි තියල මරල තියෙනව 5000ක් නිල වශයෙන්. නොනිල සංඛ්‍යාව 12,000 ක් විතර. තව 150,000ක් විතර අත් අඩංගුවට අරන් තියෙනව. එහෙ තියෙන තාක්ෂනය බුලට් එක. මිනීමරුවෙකුට ගෞරව කරන්න සිංහල බෞද්ධ ශ්‍රී ලංකාවේ ජනාධිපති පිලිපීනෙට ගියා කියන එක මුළු රටටම කරපු අගෞරවයක්. අවමානයක්. තමන් පෞද්ගලිකව ගෞරව කරනවා කියල කියන්න තිබ්බ. ඒ මොකොද කිව්වා නම් ශ්‍රී ලංකා ජනාධිපතිත් මිනිස්සු එල්ලන්න හදන නිසා. ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම පැතිරෙන්නේ නීති රීති ලිහිල් නිසා. මත්ද්‍රව්‍ය වලට සම්බන්ද සියලු දෙනාගේ දේපල රාජසන්තක කරන්න ඕනේ හිරේ යනවත් එක්කම. රජයේ නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් රෙගු නිලධාරීන් වෛද්‍යවරුන් නළු නිලියන් දේශපාලකයන් මේ හැමෝම ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයේ කොටස් කරුවන්. නීති ඉස්සරහට ගේන්නේ පොඩි කුඩ්ඩො නැත්නම් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මිනිස්සු විතරයි. අහුවෙන හැමෝගෙම ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ. දේපල රාජසන්තක කරන්න ඕනේ. මත්ද්‍රව්‍ය උවදුර නැති කරන්න උනන්දු වෙන එක හොඳයි. හැබැයි කතාවෙන් ඕක කරන්න බැහැ.
Reply : 0 0
ranjith Sunday, 20 January 2019 02:42 AM
මේ රටේ තෙබෙරුම් ඓති කාරයෝ වෙඩි හරියක් දෙසපලන්චයෝ අහ්න්සක මිනිස්සුන්ගේ මුදල් සුරකනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
