රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සිවුදෙනා යළිත් අධිකරණයට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය ඉෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතාගේ බිරිඳ ඇතුළු සිවු දෙනා අද යළිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදි පිළිස්සි මියගිය 16 හැවිරිදි ඊෂාලිනී දැරියගේ මරණය සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද, ඇයගේ සොහොයුරා, මාමණ්ඩිය සහ තැරැව්කරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව නව පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා දැරියගේ දේහය පසුගිය 27වනදා ගොඩ ගැනීම සිදු කෙරුණා.
එහිදී ඇයගේ සිරුර සීටී ස්කෑන් පරීක්ෂණයකට යොමුකර ශරීර කොටස්වල සාම්පල රසායනාගාර වෙත යොමු කෙරුණා. අදාළ වාර්තා ලැබෙන තෙක් දැරියගේ සිරුර පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා.
මේ අතර දැරිය පදිංචි වී සිටි ඩයගම ප්‍රදේශයේ තරුණියන් කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය ප්‍රකාශ සටහන් කර ගත් අතර එම ප්‍රදේශයේ රැදී සිටින පොලිස් කණ්ඩායම් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කළා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

