රාවණා අභ්‍යාවකාශය බලා ගමන් අරඹයි
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) අලුයම 2.16ට අභ්‍යාවකාශය බලා සාර්ථකව ගමන් ඇරඹීය.
එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය.
එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට කටයුතු කළේය.
දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන අය මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළේය.
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාව සමග තවත් චන්ද්‍රිකා දෙකක මෙසේ අභ්‍යාවකාශය බලා ගමන් කරවීය.




popular news
-
Kariyawasam Friday, 19 April 2019 06:12 AM
Congratulations! We are proud of our engineers, Thanks to Engineering faculty graduates at Peradeniya University.
Reply : 0 0
Champa Friday, 19 April 2019 06:19 AM
ලංකාවට හරිම ආඩම්බරයක් අපේ ළමයි දෙන්නෙක් පලවෙනි වතාවට nano-satellite එකක් හදපු එක. දුලනිටයි තරිඳුටයි අපේ උණුසුම් සුබ පැතුම්. ලංකාවේ වේලාවෙන් ඊයේ පාන්දර මෙච්චර අති විශේෂ ඉතිහාසගත දෙයක් සිද්ධ වෙලත් ලංකාවේ අගමැතිවත් ජනාධිපතිවත් සුභ පැතුමක්වත් යවල නැහැ. ඒ වුනාට නේපාලේ අගැමතිතුමා නම් ඊයේ උදේම සුභ පතලා තිබුන. ඔන්න වැඩ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

