රාජ්‍ය අයතනවල ස්ථිර නොමැති සේවකයන්ට ස්ථිර පත්වීම්
රාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2004 හා 25/2004(1) නිකුත් කළ අවස්ථාවේදී එහි සදහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට හා චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයින්ට මෙසේ ස්ථිර පත්වීම් ලබාදීමට නියමිතය.
ඒ අනුව රාජ්‍ය ආයතවල දින 180කට වඩා සේවය කර ඇති සේවකයන්ට අවශ්‍ය සුදුසුකම් ලබන මස 01 වැනිදා වන විට සම්පූර්ණ කිරීම මත, ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

popular news
-
kapila Wednesday, 18 September 2019 01:07 PM
රජය සේවය අඩු කරන්නට වශය කාලයක චන්ද බලාගෙන නිකන් ඉන්න ය ස්ථිර කරලා රජයේ වියදම් වැඩි කරලා මේ රට විනාශ කරණ අධම පාලකයින් පන්නා දමන කාලය එළඹ ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

