රනිල් ඉන්දියාවෙන් N95 Mask ඉල්ලයි
හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව N-95 මුඛ ආවරණ නොමිලයේ ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සිය එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව මුහුණු ආවරණ කොපමණ සංඛ්‍යාවත් අවශ්‍යදැයි යන්න සඳහන් කරමින් කඩිනමින් අයදුම්පතක් ලබාදෙන ලෙස එම කාර්යාලය සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේදී අද (30දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටියේ, මේ පිළිබඳ තමන් දැනුවත් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ලේකම්වරිය අද උදෑසන තමන් දුරකථනයෙන් ඇමතූ බවයි.
ඒ අනුව අදාළ අයදුම්පත කඩිනමින් යවන ලෙස තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා දැනුවත් කළ බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 30 January 2020 06:01 PM
චික් ලැජ්ජයි. තමන්ගේ රටේ ජනතාවට මුඛ ආවරනයක්වත් දීගන්න බැරි පීඩිත ජනාධිපතිවරයෙකුයි පීඩිත ආණ්ඩුවකුයිද සිංහල බෞද්ධයෝ පත් කර ගත්තේ? මුඛ වාඩම් අවශ්‍ය නැහැ නිකම් මිනිස්සුන්ට. බොරුව මිනිස්සු ගසා කනවා. පීඩිත ආණ්ඩුවත් ඔහේ ඕනේ එකක් කරන්න දීල බලා ඉන්නවා.
Reply : 1 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

