රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි
රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයට සමගි ජන බලවේගයේ දොර තවමත් විවෘත බව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පළාත් පාලන නියෝජින් ඇතුළු සියලු මහජන නියෝජිතයන්ටද සමගි ජන බලවේගය සමග නොබියව එක්වන ලෙස ආරාධනා කරන බවත්, ඔවුන් ගනු ලබන එඩිතර තීරණයේ වගකීම තමන් භාරගන්නා බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, අද (09දා) ඇතුල්කෝට්ටේ, සමගි ජන බලවේග මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
" අපි අපේක්ෂා කරනවා ඒකීය ස්වෛරීය දේශයක්. ඒ දේශය තුළ නිර්මල බුදුදහමට මුල් තැන ලබාදෙමින් බුදුදහමේ උසස් ප්රතිපත්තීන් හා බුදුන්ගේ දේශනා අනුගමනය කරමින්, සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනයෙන් අපි ගමන් කරනවා.
මේ රටේ ජීවත් වන සෙසු ජාතීන්, සෙසු ආගම්, අපේ රටේ ජනතාව ලෙස එකට එකතු කරගෙන බලගතු මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ ගමනයි මේ යන්නේ. මේ ගමන පිරිසුදු ගමනක්. අපේ ගමනේ ඒකායන අරමුණ දූෂණය වංචාව තුරන් කරලා, පුරවැසියාට මුල්තැන දෙන, දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් සහිත, සියලු දෙනාට සර්ව සාධාරණ සමාජයක් බිහිකිරීම.
අපි මේ ක්‍රියාත්මක කරන්නේ එක්සත් ජාතික පක්ෂය අනුමත කළ වැඩපිළිවෙළ. ඒ අනුමත කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අපට බලය තියෙනවා. කැපවීම, අධිෂ්ඨානය, දර්ශනය තියෙනවා. මේ වැඩසටහනට හොඳ බුද්ධියකින් කටයුතු කරන කිසිම පුද්ගලයෙක්ට තහංචි පනවන්න බෑ.
මම ආරාධනා කරනවා සෑම සියලු දෙනාටම අපි සමග එක්වන්න කියලා. සමගි ජන බලවේගයේ නෙළුම් පොකුණ රඟහලේ පැවති මූලාරම්භ උත්සවයට රනිල් වික්‍රමසිංහ මහතාට මමත් මද්දුමබණ්ඩාර මහතාත් එතුමාගේ නිවසටම ගිහිල්ලයි ආරාධනා කළේ. ඒ ආරාධනය අදටත් වලංගුයි.
කිසිම කෙනෙකුට අපේ පක්ෂයේ, අපේ සන්ධානයේ දොර වැහෙන්නේ නෑ. පිරිසුදු දේශපාලන ප්‍රතිපත්ති අනුගමය කරන, ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන ඕනෑම කෙනෙකුට අපේ අලුත් ගමනට එකතු වෙන්න පුළුවන්. පළාත් පාලන ක්ෂේත්රයේ ඕනෑම කෙනෙකුට අපි සමග එකතුවෙන්න පුළුවන්. කිසිම දෙයකට බයවෙන්න එපා. අපි ඔබලාව ආරක්ෂා කරනවා. ඒ වගකීම අපි භාරගන්නවා."

popular news
-
Priyath Liyanage Monday, 09 March 2020 06:46 PM
I don't believe you. Majority of you were in the past yahapaalana regime. Have you ever focussed then the things you have said today. You all are totally loss.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

