රට හදන්න ඕන - දැන් ජනතාවත් එක්ක සෙල්ලම් බෑ
ශ්‍රී ලංකාව ගොඩනැගිය යුුතු බවත් ඉදිරියට ජනතාවත් සමග ‘සෙල්ලම්’ කිරීමට නොහැකිවනු ඇති බවත් ශ්‍රී ලංකාවේ සුපිරි ව්‍යාපාරික මෙන්ම මෙරට ධනවත්ම පුද්ගලයා වන ධම්මික පෙරේරා මහතා පවසයි.
කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු ඉහත අදහස් දැක්වීය.
කෙසේ වෙතත් ජනපතිවරණයට ඉදිරිපත්වනවාද නැත්ද යන්න පිළිබඳව ඔහු සෘජු පිළිතුරක් නොදීමටත් වග බලාගත්තේය.
Q 2020 පොදු අපේක්ෂකයා ලෙස එන්න සූදානමක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඔබතුමා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා කියලත් කියනවා?
A රට හදන්න ඕන. අහපු ප්‍රශ්ණයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා බලමු.
Q ඒ කතාවේ ඇත්තක් තියෙනවද?
A මං දැම්මම ඒකට පොඩ්ඩක් මුකුත් නොකියන්න තමයි හිතාගෙන ඉන්නේ.
Q ජනතාවට අලුත් බලාපොරොත්තුවක්, සමප්රදායික දේශපාලනයේ පිට පිළිබඳ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
A ජනතාව දැනුවත් වෙලා ඉන්නේ ඔක්කොටම වඩා. ජනතාවත් එක්ක කාටවත් ඉස්සරහට සෙල්ලම් කරන්න බැරිවෙයි. රට දියුණු කරන විසඳුම් අරගෙන මිසක් ඉස්සරට කාටවත් ඉන්න බැරිවෙයි.
Q ගෙවුණු වසර 72 සම්බන්ධයෙන් ජනතාවට ආපසු වෙනස් විදිහකට හිතන්න වෙයි කියන එකද?
A සමාජ මාධ්‍යයත් එක්ක ජනතාව දැන් ඉස්සරට වඩා දැනුම අරගෙන තිබෙන්නේ. ඉදිරිය හොඳ වෙයි කියලා තමයි මම හිතන්නේ.

popular news
-
Deepal Nirosh Thursday, 23 May 2019 02:01 PM
මෙතුමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් දැන්ම ජනතා බලවේගයක් ගොඩනගාගෙන ස්වයං අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමයි නුවනට හුරු. එසේ නැතිව කාගේ කාගේවත් පොදු අපේක්ෂකයා වෙන්න ගියොත් වත්මන් ජනපතිට අත්වූ ඉරණමම අවසානයේ උරුම වේවි.
Reply : 344 225
Champa Thursday, 23 May 2019 09:06 PM
කෙලින්ම conflict of interest එකක් තියෙනව මෙතන. අනික 2015 පෙබරවාරි ඉඳන් මේ රටේ ජනතාව පාට පක්ෂ භේදයක් නැතුව වහල් ආණ්ඩුවට විරෝධය පල කලා. සමහර කාලවල අඩු වැඩි වශයෙන් වුනත් මේ විරෝධය දිගටම තිබුන. මුලින් දේශපාලකයෝ එක්කත් පසුව ඔවුන් නැතුවත් මේ විරෝධය අදටත් තියෙනව. නමුත් ඊළඟ නායකයා කවුද කියන එක ගැන විචිකිච්චාවක් තියෙනව. ඒ හින්ද කාට හරි හිතෙනවා නම් වතුර බොර වෙලා තියෙන වෙලාවේ මාලුවෙක් බා ගන්න ඒක හරි යන්නේ නැහැ. අවුරුදු 5ක ජන අරගලයේ කිසි තැනක නොහිටපු රටේ සියයට 1 ට අයිති පෞද්ගලිකව මුදල් ඉපයීම එකම පරමාර්ථය කරගත් ධන කුවේරයෙකුට රටේ අනාගතය බාර දෙන්න තරම් මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැහැ. අනික ධම්මිකගේ අදහස් රටේ සාමාන්‍ය ජනතාවගේ අදහස් වලට පරස්පරයි. උදාහරණයක් විදිහට විශ්ව විද්‍යාල වලින් පිටවන දරුවෝ විශාල සංඛ්‍යාවකට රැකියා නැති නිසා මැලේසියාව වගේ විදේශ විශ්ව විද්‍යාල රටට ගේන්නලු විදේශ විනිමය හම්බ කරන්න. එතකොට කෙලින්ම ලංකාවේ උපාධිය හෑල්ලු වෙනවා. නිදහස් අධ්‍යාපනය වැඩක් නැති වෙනවා. අනික විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ආණ්ඩුවෙන් ණය දෙන්නලු. ව්‍යාපාරිකයන්ට හොඳ ඉල්ලමක්. හැබැයි අධ්‍යාපනේ ලොකු බෙදීමක් ඇති වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

