රට වැසියන් බාහිර සෞඛ්‍ය සේවා සොය යෑම ගැටලුවක් - ජනපති
- සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ප්‍රතිඥා ...
- ග්‍රාමීය ජනයාට සුව සේවා සැලසීමට නව ප්‍රවේශයක් ...
- ජනතාවට අවශ්‍ය සංවර්ධනය ; නිදහසට හේතු නොවේ ...
- වසංගතය පාලනයට දායක වූ සියලුදෙනාට ප්‍රණාමය ...
කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්රයක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.
ජනාධිපති රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680ක් සහභාගී වෙති. අද ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්නයි. එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන කරති.
ජනාධිපතිතුමා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්රයත්නය නිසා බව සඳහන් කළේය. මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට එතුමා කෘතඥතාව සහ උපහාරය පුද කළේය.
“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි.
කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” ජනාධිපතිවරයා පැවසීය.
කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියකි. එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්රහේළිකාවකැයි ජනාධිපතිවරයා කීය.
රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නැත. රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්රවේශයකට කාලය එළැඹ තිබේ. එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මසකට පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන බවත්, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවත් පැවසීය. “ නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, ජනාධිපතිවරයා කියා සිටියේය.
වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනයා කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බව පෙන්වා දුන්නේය. නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබේ. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට පිළිවන. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමකි.
“යහපත් සීමාවාසිකයා” වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කළ ජනාධිපති රාජපක්ෂ මහතා වෛද්‍ය ක්ෂේත්රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් ලෙස හැඳින්වීය.
“ රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, ජනාධිපතිවරයා කීය.
දේශනය අවසන් කරමින් “ආරෝග්‍යා පරමාලාභා” යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපතිවරයා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන්නැයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

popular news
-
Demuni Uduwara Saturday, 05 September 2020 07:08 PM
Tell before a mirror.
Reply : 0 0
Champa Saturday, 05 September 2020 09:09 PM
ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට. වැඩි ඈතක නෙමෙයි මෙතුමා බෙහෙත් ගන්න ගියෙත් සිංගප්පූරුවට. කොරෝනා හින්ද බැරුවා මිසක් නැත්නම් ආයෙත් යන්න හිටියේ සිංගප්පූරු.
Reply : 0 0
Lelwala Saturday, 05 September 2020 10:00 PM
There are many foreign Medical graduates (doctors)in this country. Slmc is not giving registration to get the erpm exam. Government should be resolved this problem first .There is shortage of medical doctors in the country. How they improve the medical sector without doctors?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

