රටේ මීට වඩා උද්ධමනය ඉහළ ගොස් තිබුණා
රටේ දැනට පවතින උද්ධමනය දිගු කාලයක් නොපවතින බවත්, දැනට පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් තාවකාලිකව උද්ධමනය ඉහළ ගොස් ඇති බවත්, රටේ උද්ධමනයක් තිබියදී 2027 අයවැයෙන් රටේ ජනතාවට සහන රැසක් ලබා දී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මහතා ඒ බැව් කියා සිටියේ, ලිදුල පොලිස් වසමට අයත් වෝල්ට්‍රීම් වතුයායේ 2015 වසරේ ගිනිගෙන විනාශ වූ වතු නිවාසවල පදිංචිව සිටි අවතැන්වූවන් වෙනුවෙන් එම වතුයායේ ආරක්ෂිත ඉඩමක නිවාස 24ක් ඉදි කිරිම් නිරික්ෂණය කිරිම සදහා (22) දින එම වතුයායට පැමිණි අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමිනි.
"මීට ප්‍රථම රටේ උද්ධමනය මීටවඩා ඉහළ ගොස් තිබූණා. රටේ ජනතාවට ජීවත්වීමට පවා නොහැකි තත්වයක් උද්ගත ව තිබුණා. රටේ ඉන්ධන නොමැති වූයේ, විදුලිය විසන්ධි වුයේ, පොහොර ටික නැති වුයේ, ගෑස් පෝලිම්වල සිටිමට සිදු වූයේ හිටපු පාලකයින් රට කරපු අවස්ථාවේදීයි.
අපි බලයට පැමිණීමෙන් පසු රටේ ආර්ථිකය ස්ථාවර තත්යටකට පත් කළා. මේ වෙනකොට මේ විපක්ෂයේ කට්ටිය කලබල වීමට හේතු තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න ඔවුන්ගේ පාලන කාලයට වඩා වත්මන් රජයෙන් සහන වැඩියෙන් ලබා දෙන විට විපක්ෂයේ ආධාරකරුවන්ද තම පක්ෂය වටා එක්වී, දෙවැන්න විපක්ෂය බලයේ සිටියදී පුරුදු කරගෙන සිටි මේ රටේ දුෂණය වංචාව, මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, පාතාලයට එරෙහිව කටයුතු කරනකොට ඔවුනට අමාරුයි.
විපක්ෂය පාලන කාලයේදි භුක්තිවිදපු වරප්‍රසාද නොමැති වීම නිසා එම වරප්‍රසාද අහිමි කිරිමට අණපතත් ගෙන ඒම නිසා විපක්ෂයේ කණ්ඩායම් එක් මාතෘකාවක් පසුපස හබා ගොස් රටේ ජනතාවගේ අවධානය විපක්ෂයට හරවා ගැනීමේ උත්සහයක නිරතව සිටිනවා."
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ ඉන්දියානු රජයේ ආධාර යටතෙ රු.ලක්ෂ 32ක ප්‍රතිපාදන යටතේ පර්චස් 10ක ඉදි වන එක් නිවසක් වර්ග අඩි 550කින් සමන්විත වන අතර, එම සෑම නිවසකම නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, සනීපාරක්ෂිත පද්ධතියකින් සමන්විත වන අතර, එම සෑම නිවසකට පානීය ජලය සහ මංමාවත් වලින් සමන්විත වන අතර, එම නිවාසවලට විදුලිය පමණක් නිවසේ අයිතිකරු විසින් මුදල් ගෙවා ලබා ගත යුතුය.විදුලි රැහැන් නිවාස ආසන්නයටම විදුලි බල මණ්ඩලය මගින් ලබා දී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
