යුරෝපයේ රටවල් හතක සුපිරිවෙළඳසැල් ශිතකරණවලට සයිබර් ප්‍රහාරයක්
යුරෝපීය රටවල් හතක් පුරා පිහිටි සුපිරි වෙළඳසැල් රැසක ශීතකරණ හා අධිශීතකරණවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එමගින් එම වෙළඳසැල්වල ශීතකරණ සහ අධිශීතකරණවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
බෙල්ජියමේ සහ ලක්සම්බර්ග්හි පිහිටි 'ඩෙල්හයිස්' (Delhaize) සුපිරි වෙළඳසැල් 40ක් පමණ මෙයට ගොදුරු වී ඇති අතර, ස්වීඩනය, අයර්ලන්තය, නෙදර්ලන්තය, එස්තෝනියාව සහ ෆින්ලන්තය යන රටවල පිහිටි සුපිරි වෙළඳසැල් කිහිපයකට ද මෙහි බලපෑම් එල්ල වී ඇත.
බලපෑමට ලක්වූ ශීතකරණවලින් සමහරක් නිෂ්පාදනය කරන බෙල්ජියම් සමාගමක් වන 'සැක්කොබෙල්' ප්‍රකාශ කළේ, එම යන්ත්‍රවල 'ඉවැපොරේටර්' කොටස් 'ඩිෆ්‍රොස්ට්' අයිස් දියකර හැරීමේ) මාදිලියට මාරු වී ඇති බවයි. මේ හේතුවෙන් එම යන්ත්‍රවල උෂ්ණත්වය ඉහළ ගොස් ඇත. පසුගිය මාසයේ ප්‍රංශයේ සුපිරි වෙළඳසැල් සිය ගණනකට එල්ල වූ ප්‍රහාරයේදී ද භාවිතා වූයේ මෙම ක්රමවේදයම බව විශ්වාස කෙරේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදු වූ මෙවැනිම සිදුවීමකදී, යුරෝ මිලියන ගණනක් වටිනා ආහාර ද්‍රව්‍ය ඉවත දැමීමට සිදුවූ බව එකල දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
සයිබර් ප්‍රහාරය හේතුවෙන් ස්වීඩනයේ පිහිටි 'ICA' සුපිරි වෙළඳසැල් කිහිපයක ශීතකිරීමේ යන්ත්‍රවල තිබූ ආහාර ඉවත් කිරීමට සිදුවිය.'ඩෙල්හයිස්' ආයතනයේ පද්ධති ක්‍රියාත්මක කරන 'සැක්කොබෙල්' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් මොලන්ස් සඳුදා 'බෙල්ගා' පුවත් ඒජන්සිය වෙත පැවසුවේ මෙය සයිබර් ප්‍රහාරයක් බවයි.
ලපෑමට ලක්වූ යන්ත්‍ර ජාලයෙන් විසන්ධි කිරීම සඳහා තම සමාගම "මුළු රාත්‍රිය පුරාම සහ උදෑසන කාලය පුරාම මහන්සි වී කටයුතු කළ" බව ඔහු සඳහන් කළේය.
ඔක්තෝබර් මස මුලදී ප්‍රංශයේ සිදුවූ ප්‍රහාරයෙන් පසුව, "මෙම දුර්වලතාවයෙන් තම පාරිභෝගිකයින්ගේ ශීතකරණ ආරක්ෂා කර ගැනීමට" සමාගම කටයුතු කරමින් සිටි බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, මෙම යන්ත්‍ර සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම් පමණක් ප්‍රමාණවත් නොවූ අතර, භෞතික වශයෙන් ද වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය විය.
යුරෝපය පුරා බොහෝ සුපිරි වෙළඳසැල්හි ශිතකරණ අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති අතර ඒ හරහා නඩත්තු කටයුතු සහ දෝෂ නිරාකරණය කිරීම් දුරස්ථව සිදු කිරීමට හැකියාව පවතී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

