යළි කිසි දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ නෑ
තමන් යළි කිසිදිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(06දා) පැවසීය.
තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපන ක්‍රමයට, පාසල්වලට හෝවිශ්වවිද්යාලවලට අගෞරවයක් වීමටඉඩ නොතබන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමෙන් ගම්බද පාසල් සිසුන්ටබලවත් අසාධාරණයක් සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්යහමුවකදීවැඩිදුරටත්අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
"මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී රජයේ අධාර ලබන පෞද්ගලික පාසල් 78ක් තිබුණා. මෙය 105 දක්වා වැඩි වුණේ කෙසේදැයි වෙනමම සෙවිය යුතුයි. මේවායේ ලක්ෂ හතළිස්තුනකට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා.
නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන අපේ රටේ පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් ඒ ක්‍රමයට ඇතුළත් වෙන්නේ නැහැ. සමාගම් පනත යටතේ ඕනෑම කෙනෙකුට පෞද්ගලික පාසලක් ආරම්භ කරන්න පුළුවන්.ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමෙන් ගම්බද සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවෙනවා.
ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සමග අබමල් රේණුවක තරම්වත් තරහක්, වෛරයක් මගේ සිතේ නැහැ. ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල සමග රජයේ පසල්වල විභාග ප්‍රතිඵල එකාබද්ධ කරන්න විභාග කොමසාරිස්වරයාට කිසිම අයිතියක් නැහැ.මම මේ ගොඩනගන තර්කය ඕනෑම කෙනෙක්ට ඕනෑම ආකාරයකට අර්ථකථනය කරගන්න පුළුවන්.
මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ. කවදාවත් මම ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපන ක්‍රමයට හෝ පාසල්වලට, විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. කවුරු කොහොම කිවුවත් නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කළ යුතුයැයි කියන මතයේ මම ඉන්නවා" යනුවෙන් පවසා සිටියේය.

popular news
-
citizen Monday, 07 January 2019 09:50 AM
යලි කිසි දිනක ඔබ ට අධ්‍යාපන අමාත්‍යාංශය ලැබෙන්න නෙහ ,
Reply : 0 11
hemantha Monday, 07 January 2019 10:44 AM
අයෙ කවදාවත් ඔබතුමට මෙරටේ කිසිම ඇමති කමක් ලැබෙන්නේ නැහැ.
Reply : 1 15
shan saudi Tuesday, 08 January 2019 01:19 PM
ගන්න හිතන්නත් එපා මොකද ගිය වතාවේ නොනයි ,මහත්තයයි දෙන්න හොදට හම්ම්බකර ගත්තනේ යේ ලැබෙන නේ නැහැ ඒ වගේම මේවගේ මන්දබුද්දික මිනිහෙකුට රටේ අනාගත පරම්පරාව ගොඩ නගන්න දෙන්න ඉඩ තියන්නෙත් නැහැ පිනට කහින මුන් හොදා කුබුරු හාන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

