කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත
සහසිකයින් පිරිසක් අතින් ඝාතනයවුණු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අවසන් කටයුතු හෙට (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව සඳහන් කරයි.
එදින පස්වරු 2ට බුද්ධානන්ද හිමියන්ගේ දේහය විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් ඉදුරුව මහජන ක්රීඩාංගණය දක්වා වැඩම කරවා ආගමික කටයුතු එහිදි සිදු කරන බවද එම දායක සභාව කියයි.
එදිනම පස්වරු 4ට ඉදුරුව මහජන ක්රීඩාංගනෙයෙන් දේහය නැවතත් විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයට රිය පෙරහරින් වැඩම කරවා පස්වරු 5ට විහාරස්ථාන භූමියේදී උන්වහන්සේගේ භූමිදාන කටයුතු සිදුකරනු ලබන බවද දායක සභාව කියයි.
