ඩුබායි ජාතික බැංකුවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට අයත් ගිණුම් තුනක් ඇති බව හෙළි වූ බවද ඒවා මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් තිදෙනෙකුට අයත් ඒවා බව අනාවරණය වී ඇති බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට අයත් එහෙත් විදේශ රාජ්‍ය වල සඟවා ඇති මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට සහ ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා පැවසුවේ අද පැවති කැබිනට් හමුවේදීය.