මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරිම් ක්ෂේත්රය සඳහා මුහුදු වැලි
මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්රය සදහා මුහුදු වැලි ලබාගත හැකි ආකාරයේ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
මුහුදු වැලි මෙලෙස ඉදිකිරීම් ක්ෂේත්රයට භාවිත කිරීමෙන් ගංගා ඉවුරු කඩා වැටීම හා ගංගා පතුල් හෑරීම වළක්වා ගත හැකි බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා සකස් කළ මුතුරාජවෙල මුහුදු වැලි අංගනයේ ප්‍රයෝජනයට නොගත් මුහුදු වැලි තොග වශයෙන් ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.
එම වැලි ඉදිකිරීම් කර්මාන්තය සදහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.
මෙම මුහුදු වැලි ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර කිලෝමීටර් දහසයක දුරක් නළ මගින් ගොඩබිමට පොම්ප කිරීම මෙහිදී සිදුවනවා. මෙම වැලි කියුබයක් ගංගා වැලිවලට වඩා රුපියල් හාරදහසක් අඩුවෙන් වෙළෙදපොළට ලබාදිය හැකි වනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
