රුපියල් තුන්කෝටි අසූහතර ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.
සැකකරුවෝ වයස අවුරුදු 30, 40 සහ 55 වියේ පසුවෙති.අත්අඩංගුවට ගත් වල්ලපට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 48 කි. සැකකරුවන් අද (20දා) උදෑසන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇති බවත්, මෙම වල්ලපට්ටා ගමන් මලු තුනක බහා රැගෙනයාමට උත්සාහ කළ බවත් රේගුව පවසයි.