(UPDATE)
පොළොන්නරුව අරලගංවිල යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක සංදර්ශනයකට සහාය දැක්වීම සඳහා ඉහළට අහස නංවමින් තිබූ හෙලිකොප්ටරයක් අද (09) මාදුරු ඔයට කඩා වැටීමෙන් එහි සිටි නිලධාරීන් හය දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.
අද උදෑසන 8.30ට පමණ මෙම ගුවන් අනතුර සිදුව ඇති අතර හෙලිකොප්ටරයානයේ නිලධාරීන් දොළොස් දෙනෙකු සිට ඇති බවත් ඉන් ගුවන් හමුදාවට අයත් දෙදෙනෙකු සහ යුද හමුදාවට අයත් නිලධාරීන් හතර දෙනකු මෙසේ මියගොස් තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර මෙම සිදුවීමෙන් පසුව මෙම විසිරි යාමේ පෙළපාළිය අවලංගු කෙරිණි.මෙම විසිරයාමේ පෙළපාලියට යුද හමුදාපතිවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වීමට නියමිතව තිබූ බවත් එම විසිරි යාමේ පෙළපාළි ආරම්භ කිරීමට ඔන්න වෙන්න තිබියදී මෙම අනතුර සිදුවීම සිදු වූ අතර ඉන් අනතුරුව මෙම විසිරියාමය පෙළපාළිය අවලංගු කිරීමට කටයුතු කෙරිණි.
තුෂාර තෙන්නකෝන් පොළොන්නරුව
අද උදෑසන මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයන් 05 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශකොට සිටිනවා.
අනතුරට පත් යානයේ සිටි අයවලුන් බේරාගෙන රෝහල්ගත කිරීමෙන් අනතුරුව 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වඩිදුරටත් වාර්තා වනවා. ( I J )


