මහින්ද විපක්ෂනායක ලෙස පිළිගන්නැයි කථානායක කියයි?
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ලෙස පිළිගන්නා ලෙස කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායකවරුන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.
අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව සඳහන් කර ඇත. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහින්ද අමරවීර මහතා පිළිගන්නා ලෙසත් කථානාායකවරයා මෙහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත් හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පසුගියදා ප්‍රකාශ කළේ තමන් තවමත් විපක්ෂ නායක බවයි.

popular news
-
Champa Saturday, 05 January 2019 07:50 PM
පාර්ලිමේන්තුවේ දැනට තියන සංයුතිය අනුව හිටපු ජනාධිපතිතුමා තමයි විපක්ෂ නායක. TNA මේක පිලි නොගෙන ඉන්න හේතුවක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂේ නායකයා අගැමති වෙනවා වගේම ඊළඟට බහුතරය තියෙන පක්ෂේ හෝ සන්ධානේ නායකයා විපක්ෂ නායක වෙනවා. අනික හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂේ වෙනස් වුනා නම් (?) සහ එම නිසා මන්ත්‍රී පුටුව අහිමි වුනා නම් ඒ බව කතානායකවරයාට දැනුම් දෙන්න ඕනේ චන්දෙට ඉල්ලපු සන්ධානයේ මහ ලේකම්. ඊට පස්සේ කතානායකවරයා ඒ බව මැතිවරණ සමාගමේ සභාපතිට දැනුම් දෙනවා. එහෙම දැනුම් දීම් කිසිවක් සිද්ධ වෙලා නැති නිසා TNA උසාවි ගියත් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම පක්ෂ මාරු වීමක් වෙලා නැති බව සන්ධානේ මහ ලේකම්වරයාත් ලිපියකින් පාර්ලිමේන්තුවට දැනුම් දීල තියෙනවා. "අලුත් ශ්‍රීලනිප බළල් අත" දැන් මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ ඒ ලිපිය නිසා. ඒ මොකොද කිව්වා නම් හිටපු ජනාධිපතිතුමා තරඟ කලේ එක්සත් ජනතා සන්ධානෙන් මිසක් ශ්‍රීලනිපෙන් නොවෙන නිසා. චන්ද ලකුණ "බුලත් කොලේ" මිසක් "අත" නොවෙන නිසා. ඊට අදාල නොවෙන නමුත් චුට්ටි කොස්සකුත් තියෙනව. නැහැ කොස්සවල් දෙකක් තියෙනවා. මම දෙමළ මිනිහෙක් නොවන නිසා ඒ ගැන ලිවීමෙන් වලකිනවා.
Reply : 0 1
shan saudi Sunday, 06 January 2019 10:24 AM
එදා රනිල් අගමැති කියල කතානායක කියපු කතාව පිළිගන්න නැහැ කතානායක නීති විරෝදී කියපු මහින්දගේ කණ්ඩායම අයි අද කියන්නේ මහින්ද අගමැති කියල කතානායක කියනවා පිළිගන්න කියල අදත් කතා නායක නීති විරෝදී මහින්ද පොහොට්ටුවේ ඉදන කතා නායක වෙන්න බහ පොහොට්ටුව පාර්ලිමේන්තු පක්ෂයක් නෙව් මහින්ද එකේ නයකය කියල පොහොට්ටුවෙන් කියනවා එහෙනම් මහින්දට පාර්ලිමේන්තු එන්නත් බහ අනෙක ජනපති අමාත්‍යංශ 2 තියගන ඉන්න විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් විපක්ෂ නායක වෙන්නත් බහ ඒ කියන්නේ කතා නායක මේ පාරනම් 100% නීති වොරෝදී වැඩක් කරන්නේ කිසිම කෙනෙක් එය පිළිගන්න එපා ජනපති පොලිස් අමාත්‍යංශය තියාගන ඉන්නේ මහින්දගේ නඩු නවත්වල හොරු ආරක්ෂා කරන්න ඒ එයාගේ පැවැත්මට දැන් එයාගේ මුලිකම රාජකාරිය හොරුන් රකින එක
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

