මහනුවර උමඟ ඉදිකිරීමට ප්‍රසම්පාදන කටයුතු අරඹයි
මහනුවර නාගරික ප්‍රදේශයේ රථ වාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මෙම උමග ඉදිකිරිම සඳහා කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් සපයන අරමුදල් සහිතව මෙම උමං මාර්ගය ඉදිකිරිමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර ඇතැත් එම කටයුතු ප්‍රමාද වී තිබේ.
මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 199.27ක මූල්‍ය පහසුකම් කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මගින් ලබාදීමට එකඟ වී තිබේ.
එම උමං මාර්ගය ආරම්භ කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මාර්ග හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

popular news
-
rana Thursday, 16 January 2020 09:52 AM
එස් බි ත් උමගක් හැදුව , කෙලියත් එකක් හැදුව මේ පාර වාරය කාටද ? මහනුවර පිහිටීම අනුව උමන් සාදන්න හැකියාවක් නැති බව නොදන්නවාද ? ඇඉ මේ බොරු ???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

