මරණ දඬුවමට මම විරුද්ධයි - රාජිත
කැබිනට් මණ්ඩලය මත් කුඩු ඡාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟවුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරුද්ධ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (11දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එසේම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙවැනි ගැටලු අඩුවී නැති බව ගවේෂණවලින් සොයාගෙන ඇති බවත් ඔහු පැවැසීය.
“ඊයේ කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කළා මත්කුඩු ව්‍යාපාරයට සම්බන්ධ අයට මරණිය දණ්ඬනය දෙන්න.
මම මූලිකවම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන ගවේෂණ වලින් පෙන්වා දී තිබෙනවා මරණ දඬුවම දුන්නා කියලා මේවා අඩුවෙලා නෑ.
නමුත් ලෝකයේ බොහෝ රටවල මරණ දඬුවම දීලා තියෙනවා මත්කුඩු ව්‍යාපාර වලට. ලංකාවට මත්කුඩු ගේන මහාපරිමාණ ජාවාරම්කරුවන් 19ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ව ඒල්ලා මැරිය යුතුයි කියලා තමයි තීරණය කළේ.
කොච්චර චෝදනා තිබුණත් පිලිපීන ජනපතිවරයා මේක කරගෙන යනවා. ඇතුළට ගිහින් මෙයට සම්බන්ධ හෝ දෙවැනි වරට මෙය කරන පුද්ගලයන්ගේ ලැයිස්තුව වහාම දෙන්න කියලා ජනපතිතුමා කිව්වා.”
සබැඳි පුවත්
මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19ක්
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීමට ත්‍රිවිධ හමුදාවට බලතල
මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය

popular news
-
සෙනෙවි Wednesday, 11 July 2018 06:38 PM
පුහුල් හොරා කරෙන් දැනේ
Reply : 0 0
Champa Wednesday, 11 July 2018 06:46 PM
බෞද්ධයෙක් විදියට විතරක් නෙමෙයි මනුෂ්‍යයෙක් විදියටත් එල්ලුම් ගහට සම්පූර්නයෙන්ම විරුද්ධයි. හිරේ ඉන්නේ මහාපරිමාණ මත්කුඩු 'ගෙන්වන ජාවාරම්කාරයෝ' නෙමෙයි. එවුන් ඉන්නේ එළියේ. ඇතුලේ ඉන්නේ මහාපරිමාණ මත්කුඩු 'බෙදා හරින්නන්.' පහුගිය දවස්වල සීනි containers වල කොකේන් ගෙනාපු මහා පරිමාණ ජාවාරම් කාරයා අහු වුනාද? දැන් කැබිනට් එකයි ජනාධිපතිතුමයි 19ම එල්ලලා මරන්නද යන්නේ? කොහොමද මෙහෙම දෙයක් හිතන්නේවත් කියල පුදුම හිතෙනවා. පිලිපීන ජනාධිපති බෞද්ධයෙක් නෙමෙයිනේ. පිලිපීනකාරයන්ට ආගමක් නැහැ. පිලිපීන ජාතිකයෝ කිසිම ආගමක් අදහන්නේ නැහැ. හිට්ලර්ව ඉල්ලපු හාමුදුරුවෝ දැන් මේකට සාදුකාරයක් දෙනවද? (no offence meant) ඒ කතාවෙන් පස්සේ දැන් ඔන්න එල්ලුම් ගහත් ගෙන්න යනව. දැන් හාමුදුරුවන්ට එන්න කිව්වොත් එල්ලලා මරණ මිනිහව එල්ලලා ඉවර වෙලා අන්තිම හුස්ම පොද වායුගෝලයට එකතු වෙනකම් පිරිත් කියන්න කියල, එතකොට මොකොද කරන්නේ? බැහැයි කියන්නත් බැහැනේ. එල්ලුම් ගහ ගේන්න එපා!!!! මම මේකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. මේ රටේ ලේ හලන එක නවතින්න ඕනේ. මිනිස්සු මරණ එක නවතින්න ඕනේ. මේකත් මිනීමැරුමක්. හිටපු ජනාධිපතිතුමා, මේකට විරුද්ධ වෙන්න පුලුවන්ද, PLEASE?
Reply : 0 0
rocky Friday, 13 July 2018 06:16 AM
ඇයි, බයද .. ඔබටත් ඒ දඬුවම ලැබේවි කියල?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

