කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
කටුනායක ගුවන් තොටුපොළ 18 කණුව මංසන්ධිය අසළ , තරු පංතියේ සංචාරක හෝටලයක් ඉදි කරන මුවාවෙන් සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම් කර්මාන්තශාලාවක් ඉදි කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් 06/28 දින උදෑසන විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය .
ඉකුත් 2020.12.10 දින මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ සදහා වූ ගොඩනැගිලි සැළසුම අනුමත කර ඇති අතර , 2025.12.25 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන බලපත්‍රය නිකුත් කර තිබේ .
එහිදී අක්කර 06 රූඩ් 01 ක වපසරියකින් යුතු මෙම ඉඩමේ වර්ග මීටර් 3,857 ක තනි මහල් ගොඩනැගිල්ලක් සදහා මුලින් අනුමැතිය ගෙන පසුව එය වර්ග මීටර් 12,925 ක වපසරියකින් යුතු පස් මහල් සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලා ගොඩනැගිලක් සදහා බලපත්‍රයක් දක්වා වෙනස් කර ලබා ගෙන තිබේ .
මෙම ඉදි කිරීම කොළඹ - කටුනායක ප්‍රධාන මහා මාර්ගයේ සිට කළපුව දක්වා විහිදෙන අතර , එමගින් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය , කටුනායක ගුවන් තොටුපොළ , ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් සමූහය , ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසැල් 03 ක් , මීගමුව කළපුව සහ එහි රැකියාවෙහි නිරත ධීවර ජනතාව , අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇති ලියනගෙමුල්ලේ කඩොලාන සංරක්ෂිත වනාන්තරය , කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නිරත සේවිකාවන්ගේ නේවාසිකාගාර මෙන්ම මුතුරාජවෙල සංචාරක බෝට්ටු ව්‍යාපාරයේ නිරත වූවන් ඍජුවම බලපෑමකට ලක් වේ .
අතිශය සංවේදී ජනාවාස සහිත ව්‍යාපාරික සහ සංචාරක කර්මාන්තයෙහි ප්රවර්ධනයක් සහිත මෙම ප්‍රදේශයේ , සිමෙන්ති දූවිලි ( Cement Dust ) වලින් පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය වීම , බලවත් ගැටළු මතු කරන බව මෙම විරෝධතාවයට සහභාගී වූ ප්‍රදේශවාසීහු පෙන්වා දුන්හ .
රාජ්‍ය නිලධාරීන් විසින් නිසි ඇගැයීමකට ලක් නොකර ලබා දුන් බලපත්‍ර මත නාගරික සංවර්ධන අධිකාරියේ කොන්දේසි ද උල්ලංඝනය කරමින් ඉදි කෙරෙන මෙම කර්මාන්තශාලාව පිළිබද කිසිදු දැනුවත් කිරීමක් සහිත පුවරුවක් පවා මේ වනතෙක් මෙම ඉදි කිරීම් භූමියෙහි සවි කර නොමැති වුවද , මෙහි ඉදි කිරීම් කඩිනමින් සිදු කෙරෙමින් පවතී .
මෙම විරෝධතාවයට ප්‍රදේශයේ බෞද්ධ , කතෝලික ආගමික පූජකවරුන් , ප්‍රදේශයේ ධීවර ජනතාව , පරිසරවේදීන් , සමාජ ක්රියාකාරිකයන් , ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන වල සාමාජිකයන් , ප්‍රදේශයේ සංචාරක හෝටල් වල ව්‍යවසායකයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

