මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වී තිබේ. ඊයේ (10දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් බොහෝ පිරිසක් එම ජාවාරමට සම්බන්ධ අයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක් වූ බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසුවේ අධිකරණ අමාත්‍යවරියට ඒ සඳහා උපදෙස් දුන් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වනු ඇති බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“ප්‍රධාන තීරණයක් ගත්තා. ඒකට ජනාධිපතිතුමාට මම ස්තූතිය ප්‍රකාශ කරනවා. මුළු කැබිනට් මණ්ඩලයට එකහෙළාම කෑ ගහලා කිව්වා හිරේ ඉඳගෙන රට විනාශ කරන අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. මම බුද්ධ ශාසන ඇමති වුණත් කියන්න වෙනවා, බුදුරජාණන් වහන්සේත් නීතිය, විනය ලෝකයට පෙන් වූ ශාස්තෘන් වහන්සේ නමක්.
මරණීය දණ්ඩණය කියන එක අපි ගේන්න ඕන. නැත්ම් රට විනාශයි. ඒක නිසා මුළු කැබිනට් මණ්ඩලය එක හෙළාම දැඩිව ප්‍රකාශ කළා රටේ නීතියක් විනයක් තියෙන්න ඕන කියලා. හිරේ ඉඳලා, පිටරට ඉඳලා මත්කුඩු ගේනවා. මේක (මරණීය දණ්ඩනය) ක්‍රියාත්මක කරන්න අධිකරණ අමාත්‍යතුමිය උපදෙස් දුන්නා. අධිකරණ අමාත්‍යතුමිය මෙය අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරයි. නීතිය ක්‍රියාත්මක වෙයි. මුළු ඔක්කොම කෑගලයි කිව්වේ. කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒක හරි සතුටක් එහෙනම නැත්නම් රට විනාශයි.” යනුවෙන් පැවසීය.

popular news
-
බි .ඩි .එස්. විජේවර්ධන Tuesday, 10 July 2018 05:04 PM
අනිවාර්යයෙන් මරණ ද ඩුවම කිරීම කලයුතු ය
Reply : 0 4
Champa Tuesday, 10 July 2018 05:53 PM
මරණීය දණ්ඩනය ගේන්න. මේ ... එල්ලුම් ගහ ගේනවා? මිනිස්සුන්ව එල්ලලා මරන්න? පිස්සුද? කාටද බලන්න පුළුවන් මිනිහෙක් එල්ලලා මරනවා? මිනිහෙක් තියා සතෙක්වත් මරනවා බලන් ඉන්න පුලුවන්ද? සම්පූර්ණයෙන්ම විරුද්ධයි එල්ලුම ගේනවට. හිරේ ඉඳන් කුඩු විකිනන්නේ ඇතුලේ ඉන්න ජේලර්ල උදව් කරන හින්ද. ඇතුලේ ජංගම දුරකථන පාවිච්චි කරන්න දෙන හින්ද. නිලධාරීන්ගේ උදව්වක් නැතුව කොහොමද ඇතුලේ ඉඳන් අපරාධ මෙහෙය වන්නේ? මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලන හයිය සහ උදව් තියෙනවා. හිරගෙදර නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසායි හිරකාරයෝ හිරේ ඉඳන් අපරාධ කරන්නේ. සමහර හිරකරුවන්ට වරප්‍රසාදත් දෙනව. කැබිනට් එකට ඉතින් මොකොද? තමන්ගේ නොහැකියාව, අදක්ෂකම, කම්මැලිකම එල්ලුම් ගහෙන් හරි වහ ගන්න බලනව. හිර ගෙදර ඇතුලේ සිග්නල් block කරන්න බැරිද? පිටරට ඉඳල මත්ද්‍රව්‍ය ගේන්නේ ඒවා අල්ලන්න වැඩ පිළිවෙලක් නැති නිසා. එල්ලුම ගහ ගේන්න අවශ්‍ය නැහැ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම්. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ අපරාධකාරයට නැත්නම් වැරදිකාරයට ඕනේ විදියට. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කැබිනට් තීරනය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඔතන වැඩිපුර ඉන්නේ අබෞද්ධයෝ සහ කිසිම ආගමක් නැති මිනිස්සු.
Reply : 0 0
rawana Tuesday, 10 July 2018 10:26 PM
බිලියන ගණන් රටේ ජනතාවගේ මුදල් හොරා කාපු එවුන්ටත් ඒ දඬුවම දුන්නොත් මොකද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

