මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ සඳහා වූ යෝජනාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සාර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීම මෙම යෝජනාවෙන් බලාපොරොත්තු වෙයි.

රජයේ නිල පුවත් වෙබ් අඩවිය ඇසුරිනි