හිඟ බදු ආදායම රු.ට්රි. 2.1යි
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉකුත් වර්ෂය තුල (2025) හිග බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 2,164ක බදු මුදලක් අයවිමට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයට අදාළව (2025) එකතුකළ යුතුව තිබු රුපියල් බිලියන 2,164ක මෙකි හිග ආදායම් එකතුනොකර හිගහිටව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම අදායම 2025 වර්ෂයේ දි අයකරගැනිමට සමත්වුයේ නම් එම වර්ෂයේ අයවැය හිගය සම්පුර්ණයෙන්ම අඩුකර ගැනිමටහැකිව තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ආදායම් පරිපාලන කළමණාකරණ තොරතුරු පද්ධතියේ අඩුපාඩු, හිගබදු අභියාචනා ක්රියාවලියේ දිර්ඝකාලින භාවය, හිගබදු අයකරගැනිම සම්බන්දයෙන් අධිකරණ කටයුතු ක්රියාත්මක කිරිමට විශේෂිතවු අධිකරණ පද්ධතියක් ස්ථාපිත වි නොතිබිම, යන හේතු දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිග බදු අයකරගැනිමේ ප්රමාදයට බලපා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මුදල් ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුඑු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
