ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහණව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව නැවත වෙළඳපළට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊයේ ( 25) හැකිවි තිබේ.
ප්‍රදේශයේ පරිසර ගැටලුවක් පිළිබඳව සොයා බැලීම සඳහා නගරාධිපති ජාලිය ඕපාත මහතා හා ආර්ථික මධ්‍යස්ථානය පිටිපස්ස ගබඩා ප්‍රදේශයේ පිටව ගොස් සිටියදී මෙම ගබඩාව පරීක්ෂාවට ලක් කොට තිබේ .
නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම ස්ථානයට යනවිටත් කම්කරුවන් යොදා ගෙන ඉතා සූක්ෂම ලෙස කල් ඉකුත් වීමට තවත් මාස තුනක් පමණ ඇති තිරිඟු පිටි ඇසුරුම් වලට ගුල්ලන් පණුවන් සහ කෘමීන් බෝවි තිරිඟු පිටි සල්ලඩ කොට පෙනේරයකින් හලා කෘමිනාශක වර්ගයක් ස්ප්‍රේ කොට කෘමීන් මරා නැවතත් එම ඇසුරුම් කිරීම සිදු කරමින් සිටි බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට සුවිශාල තොග බඩු කඩයකට අයත් මෙම ගබඩාව තුළ මිනිස් පරිභෝජනයට නොසුදුසු තවත් ආහාර රැසක් ද සොයාගැනීමට හැකිවූ බව නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේය.
ඉතා සූක්ෂම ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි මෙයාකාරයෙන් වෙළඳපොලට යැවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් එම සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බව ද නගරාධිපතිවරයා සඳහන් කළේය.