මධ්‍යම පළාතේ කොරෝනා රෝගීන් 1289ක්
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1289 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
පළාතේ දිස්ත්‍රික්ක තුන අතුරින් ඉහළම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය844 කි . නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනකු ද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98 දෙනෙකු ද වාර්තා වී තිබේ .
අද (21) පෙරවරු 6 .00 න්අවසන් හෝ පැය 24 තුළ නව ආසාදන ආසාදන විසි දෙදෙනෙකු පළාතෙන් වාර්තා වී තිබේ.
මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී තිබෙන අතර එම සංඛ්‍යාව 260 කි .
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් එකසිය පනස් එක් දෙනෙකු ද මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 17දෙනෙකුද හඳුනාගෙන තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ හතරක් මේ වන විට වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි .
ෂේන් සෙනෙවිරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

