මෛත්රී මහින්ද සමගි කරන්න SB
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හොඳහිත ඇති කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ ප්රබලයන් කිහිප දෙනෙකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයටද, ගොස් නැවත ශ්රී ලංකා නිදහස් පක්ෂයටද එක්වී පසුගිය කාලයේ ඇමැති ධුරයක්ද හෙබවූ ප්රබල මන්ත්රීවරයෙකු මේ සඳහා මුල් වී සිටින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
දෙපාර්ශ්වය අතර හොඳහිත ඇති කිරීම සඳහා දෙපැත්තටම පණිවුඩ රැගෙන යෑම මෙම මන්ත්රීවරයා විසින් බාරගෙන ඇතැයි ද පැවසේ.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධ විපක්ෂයත් එකට එකතු කරගැනීම මෙහි අරමුණ වී ඇතැයිද වාර්තා වේ.
අජන්ත කුමාර අගලකඩ (ඉරිදා ලංකාදීප)

popular news
-
Champa Sunday, 26 August 2018 10:05 PM
ඉදිරියේ පැවැත්වෙන ,මැතිවරණය කිව්වේ ජනාධිපතිවරණයද? මිනිස්සුන්ට දැන් නම් දේශපාලකයෝ ඔක්කාරෙට ඇවිල්ල තියෙන්නේ. එහෙම නැතුව ඉතුරු වෙලා ඉන්නේ මහින්දයි විමලුයි විතරයි තාමට. මහින්දට නැවත බලය ලැබිය යුතුයි කියන එකයි ඊළඟ ජනාධිපතිත් රාජපක්ෂ කෙනෙක්ම වෙන්න ඕනේ කියලා සමහරු කියන එකයි මම නම් දකින්නේ දෙකක් මිසක් එකක් විදියට නෙමෙයි. ගෝඨාභය ඉල්ලුවත් පරදිනවා. ලංකාවේ ඊළඟ ජනාධිපති පැහැදිලිවම රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. මම කීයටවත් 2010-2015 කාලෙට ආපහු යන විදියේ කිසි දෙකට support කරන්නේ නැහැ. මොනවා ලිව්වත් මම නම් තාම ජනාධිපතිවරණය ඉලක්ක කරලා comments ලියල නැහැ. දැනට ලියපුව ඔක්කොම calculated misfires!!!! ලංකාව වෙනුවෙන් මට නම් ඉලක්කයක් තියෙනව. ඒකට කිට්ටුවෙන් හරි යන කෙනෙක් හිටියොත් support කරනවා. තාම ඒ ගැන කතා කරලවත් නැහැ. කල් වැඩියි ලියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

