මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සිංගප්පුරුවේ පූර්ණ සහාය ජනපතිට ලැබේ
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හදුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකගතාවය පළ කරයි.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඞ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මෙම එකගතාවය පළ කෙරිණි.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පුරුවේ සහය ලබාදීම පිළිබද සොයා බැලීමට සිංගප්පූරු රජය ද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
සිංගප්පුරු රජය මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව අනුගමනය කරන්නා වූ කි‍්‍රයාදාමයන් පිළිබදවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවන් එරට රජය දියත්කරන ජාතික වැඩසටහන් පිළිබදවත් ජනාධිපතිතුමා වෙත මෙහිදී නිලධාරින් කරුණු ඉදිරිපත් කළහ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය පිළිබදව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

