මගේ අයිතිවාසිකම් කඩවෙලා තිබෙනවා - FM
තම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මේ වන විට කඩ වී ඇති බවත් ෆීල්ඩ් මාෂල් ධුරයට හිමි ගෞරව නිසි පරිදි නොලැබෙන නිසා මෙවර ජාතික දින සැමරුමට එක් නොවූ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.
ඊයේ (04දා) පැවැති වැඩසටනයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“මේ වන විට මට ලැබිය යුතු ප්රජාතන්ත්රාවදී අයිතිවාසිකම් නැතිවෙලා තිබෙනවා. මට මේ රජය ඇමතිධුරයකට යෝජනා කළා. මේ රටේ පාලකයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරමින් මාව ඇමතිධුරයේ දිවුරුම් දීම නවත්වලා තිබෙවා. මම ෆීල්ඩ් මාෂල් ධුරය දරනවා දැනට. හමුදාවල සම්ප්රදා හා හමුදා විනයට අනුකූලව ෆීල්ඩ් මාෂල් කෙනෙක් හමුදා පෙළපාලිකයට පැමිණෙන විට හමුදා පෙළපාලිය සීරුවට පැමිණෙන්න ඕන. තිබෙන හමුදා වර්ණ ධඡ සියල්ලම පහත් කරන්න ඕන.
ඒ සියල්ලම නොකරන නිකන් මට ආරාධනාවක් කර තිබුණා. ඒක නිසා මම දරණ ෆීල්ඩ් මාෂල් ධුරයේ ගෞරවය ලබාදිය නොහැකි පෙළපාළියකට වගේම සම්ප්රදා හා හමුදා විනය කඩකරමින් බියගුලු ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කර තිබෙන ස්ථානයකට මට ගිහල්ලා ෆීල්ඩ් මාෂල් කෙනෙක් ලෙස ඉන්න බැරිනිසා මම ඒකට යෑම වර්ජනය කළා.“

popular news
-
Kolitha Tuesday, 05 February 2019 12:56 PM
මෙයා හරියට කතා කරන්නෙ වෙලේ එඉදානෙ කම උපතින් අරගෙන ආව වගේනෙ.....එයාව ඔය තත්වෙට උස්සලා තියාපු අය බල්ලට දාල කතා කරල දැන් අලි කයියවල් ගහනව...අමතක වෙලා මෙයා නිකම්ම නිකන් පැන්ශන්ගිය නිලදාටරියෙක් වෙන්නයි ගියෙ කියල.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

